උණුසුම් පුවත්
Search
current bill

හෙට සිට විදුලි බිල වැඩි වන හැටි මෙන්න

433

75% ක සාමාන්‍ය අගයකින් හෙට (10) සිට විදුලි බිල වැඩි වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළා.

ඒකක 30 දක්වා සියයට 264ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 198ක මුදලක් අමතරව විදුලි බිලට එකතු වනු ඇති.

එමෙන්ම ඒකක 31-60 දක්වා සියයට 200ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 599ක මුදලක් විදුලි බිලට එකතු වීමට නියමිතයි.

ඒකක 61-90 දක්වා සියයට 125ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 1461ක මුදලක් විදුලි බිලට එකතු වන අතර ඒකක 91-120 දක්වා සියයට 89ක වැඩිවීමක් වන අතර ඒ අනුව රුපියල් 2900 මුදලක් විදුලි බිලට එකතු වනු ඇති.

විදුලි බිල පනත සහ මහජන උපයෝගීතා කොමිසමේ පනතට යටත්ව මෙම සංශෝධනය සිදු කරනු ලැබූ බවයි ඔහු සඳහන් කළේ.

2013 වසරේ වැඩිවූ විදුලි බිල 2014 වසරේ සියයට 25කින් අඩු කළ බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

ලක්ෂ 48ක ජනතාවක් ඒකක 90ට වඩා අඩුවෙන් භාවිත කරන බවත් විදුලි ඒකකයක් නිපදවීමට යන පිරිවැය රුපියල් 31ක් බවත් මෙහිදී ඔහු කියා සිටියා.

නොවැම්බර් හෝ දෙසැම්බර් වන විට ගල් අඟුරු අවශ්‍ය ප්‍රමාණයට ලැබුණොත් පවතින විදුලි කප්පාදුව කළමනාකරණය කර ගත හැකි බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මෙහිදී දැනුම් දුන්නා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *