උණුසුම් පුවත්
Search
elon

ලෝ ප්‍රකට ධනවතා Elon Muskගේ නිවුන් දරුවන් මෙන්න (ඡායාරූප සහිතයි)

215

ලෝකයේ ප්‍රකට ධනපති Elon Musk හා ඔහුගේ බිරිද වන Shivon Zilis, ඔවුන්ගේ නිවුන් දරුවන් සමග සිටින ඡායාරූපයක් පළමු වරට මාධ්‍ය තුළ පළ කරන ලදී. මෙම පින්තූරය පළමු වරට X හරහා (ට්විටර්) ඉදිරිපත් කරන ලද්දේ Muskගේ කතුවරයා වන Walter Isaacson විසිනි.

Elon Musk Reveals Names and First Photo of Toddler Twins with Shivon Zilis

තවත් පින්තූරයක දැක්වෙන්නේ මස්ක් මහතා ඔහු මත හේත්තු වී සිටින අතරතුර නිවුන් දරුවන්ගෙන් එක් අයෙකු ජීව ප්‍රමාණයේ රොබෝවෙකු ස්පර්ශ කිරීමට අත දිගු කරන ආකාරයයි.

එහි එක් ඡායාරූපයක ප්‍රකෝටිපති Elon Musk තම උකුලෙහි, මාස 16ක් වයසැති නිවුන් දරුවන්ගෙන් එක් අයෙක් සහා අනෙක් දරුවා Zilis මහත්මිය විසින් රඳවාගෙන සිටින අතර අනෙක් ඡායා රූපයෙන් Musk අත සිටින දරුවා රොබෝවෙකු ස්පර්ශ කිරීමට අත දිගු කරන ආකාරයක් සටහන් වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ ටෙක්සාස් හී ඔස්ටින් ප්‍රෙද්ශයේ වූ Zilisගේ නිවසේදීය.

Elon Musk had twins last year with one of his top executives, Insider says | Reuters

නමුත් ඔවුන් විසින් නිවුන් දරුවන්ගේ නම් තවමත් ප්‍රසිද්ධ කර නැත. කැනේඩියාවේ උපත ලද ධනවත් ව්‍යාපාරිකාවක් වන සිලිස්, 2021 වසරේ නොවැම්බර් මාසයේදී මෙම නිවුන් දරුවන් බිහි කළාය.

නමුත් සිලිස් මහත්මිය සිය සමීපතමයන්ට පවසා ඇත්තේ Musk කිසි විටෙකත් තමා සමග ලිංගික සම්බන්ධකම් හෝ ප්‍රේම සම්බන්ධයක් නොපැවැත්වූ බව යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.