උණුසුම් පුවත්
Search
bus

හෙට බස් ධාවනය අඩාල වන ප්‍රදේශ මෙන්න

704

ඩීසල් නොමැතිකම නිසා හෙට (06) දිවයිනේ ප්‍රදේශ කිහිපයක බස් රථ ධාවනය අඩාල වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා සිටියා.

ඒ අනුව මන්නාරම, වවුනියාව, ගම්පහ දිස්ත්‍රික්කය, දකුණු පළාත, කෑගල්ල, මාවනැල්ල, පොළොන්නරුව, බදුල්ල සහ පුත්තලම යන ප්‍රදේශ වල බස් රථ ධාවනය සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් පමණක් සිදුවන බවයි වාර්තා වන්නේ.

ලංගම බස් ඩිපෝ වලින් හෝ මෙම ප්‍රදේශ වල පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නොලැබුණු බව ද ඔහු සඳහන් කර සිටිනවා.

එමෙන්ම ලංගම බස් ඩිපෝ වලින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදෙන බව සඳහන් කළ ද ඊට අදාළ නිසා වැඩපිළිවෙලක් මේ තාක් දියත් කොට නැතැයි ද ඔහු චෝදනා කර සිටිනවා.




Leave a Reply

Your email address will not be published.