උණුසුම් පුවත්
Search
rain

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

240

නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමත් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

උතුරු – මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු-මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත් වලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *