උණුසුම් පුවත්
Search
operation

කොළඹ ජාතික රෝහලේ හදවත් සැත්කම් ජුනි මාසයේ සිට නවතින ලකුණු

448

කොළඹ ජාතික රෝහලේ සිදුකරන හදවත් සැත්කම් ජුනි මාසයේ සිට නතර කිරීමට සිදුවන බවට වෛද්‍යවරු අනතුරු අඟවනවා.

එම හදවත් සැත්කම් සඳහා ඖෂධ සහ ශල්‍ය උපකරණ හිඟය මෙයට හේතුවී ඇති බව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සඳහන් කර සිටිනවා.

සාමන්‍යයෙන් දෛනිකව රෝහලේ බයිපාස් හදවත් සැත්කම් හතරක් පමණ සිදුකරන අතර මේ වන විට ද එම සැත්කම් අඩු කර තිබෙනවා.

එසේම සියලු හදවත් රෝගීන් සඳහා ලබාදෙන ඉනොක්ස්පරින් (enoxaparin) එන්නත රෝහලේ හිඟ වී ඇති අතර මේ හේතුවෙන් හෘද රෝගීන්ට දැඩි අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බව ද සඳහන් වනවා.

හදවත් සැත්කම් කිරීමේ දී ලබාදෙන හදිසි ඖෂධ වර්ග කිහිපයක්ම මේ වන විට රෝහලේ නොමැති බවත් එම ඖෂධ ඉදිරි මාස 03 පමණ කාලය ඇතුළත නොලැබුණහොත් අනෙකුත් හෘද සැත්කම් සඳහා ද බාධා වීමේ අවදානමක් මතුව ඇති බව ද සඳහන්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *