උණුසුම් පුවත්
Search
chamara

”හදවතේ ගායක චාමර වීරසිංහ තවදුරටත් දැඩිසත්කාරේ” – වෛද්‍යවරු දන්වයි

262

රටම ආදරය කරන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසීය.

අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.

No photo description available.

ඔහුගේ රෝගී තත්ත්වයේ මුල් අවස්ථාවේ තිබූ තත්ත්වයට වඩා ලොකු වෙනසක් ගැන ප්‍රකාශ කළ නොහැකි බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම චාමර වීරසිංහ සඳහා හොඳම ප්‍රතිකාර එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ලබාදෙන බව ද වෛද්‍යවරයා කියා සිටියේය.

චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඉදිරි දින දෙක, තුන ඇතුළත නිශ්චිත ප්‍රකාශයක් සිදුකළ හැකි බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

No photo description available.