උණුසුම් පුවත්
Search
sanjana onali

”එයාට නිවාඩු ලැබුණ ගමන් වෙඩින් එක ගන්නවා” – ආයේ ඕස්ට්‍රේලියාවට ගිය සංජානා

1718

සංජානා ගමාරච්චි කියන්නේ රංගන ශිල්පිනියක් විදිහටත් නිවේදිකාවක් විදිහටත් ඉතාමත් කෙටි කාලයකින් ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙච්චි කලාකාරිනියක්. ඒ වගේම මේ වන විට නම් ඇය රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙනුත් නමක් දිනා සිටිනවා. ඇය සම්බන්ධයෙන් කතා කරද්දී ඇය නිතරම ඕස්ට්‍රේලියාවට යනවා. ලංකාවේ කලා කටයුතු කරන ගමන් තමයි ඇය මේ විදිහට විදෙස්ගත වෙන්නේ. ඉතින් ඇය නිතරම ඕස්ට්‍රේලියාවට යන්නේ ඇයගේ ආදරණීය සැමියා ඔස්ට්‍රේලියාවේ රැකියාව කරන නිසයි…. ඔන්න ආයෙත් ඇය ඔස්ට්‍රේලියාවට ගිහින් කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ…

No photo description available.

සංජානිගේ ආදරණීය සැමියා විහඟ…. ඔවුන් දෙදෙනා මීට ටික කාලෙකට කලින් විවාහ ගිවිස ගත්තා. හැබැයි තාම වෙඩින් එකක්නම් අරගෙන නෑ….. වෙඩින එක ගත්තට පස්සේ සංජානත් ඔහුත් එක්කම ඕස්ට්‍රෝයිලියාවේ පදිංචියට යන්න තමයි හිතාගෙන ඉන්නේ…. හොඳ නිර්මාණ කටයුත්තක් ආවොත් ඇය ඒ සඳහා සහභාගී වෙනවා කියලා මීට පෙර නම් සඳහන් කරලා තිබුණා…..

May be an image of 1 person, beard and smiling

ඉතින් විවාහ උත්සවය ගන්න බලාපොරොත්තු වෙන ආකාරය පිළිබඳව මෑතක දී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්…..

“අපි විවාහ ගිවිස ගෙනත් දැන් ටික කාලයක් වුණා. මේ අවුරුද්දෙ වෙඩින් එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ….. දින වකවානු දෙකක් ලැබිල තිබුණත් විහඟගේ නිවාඩු ලබාගැනීමේ ගැටලුව තමයි දැනට තියෙන්නේ. ඒක සෙට්ල් වුණ ගමන් හරියටම දිනය කවදද කියල තීරණය කරනවා…..

May be an image of 1 person

මෙහේ ඉතින් ෂූටින් යන්නත් නෑ. ලොකු වගකීමකුත් නැති නිසා හොඳට කාල බීල, නිදාගෙන සතුටින් කාලය ගත කරනවා. කොහොමත් මට ලංකාවෙ ආශ්‍රය කරන්න ගොඩක් නෑදෑයොත් නෑ. යාළුවො එක්ක වීඩියෝ කෝල් වලින් කතා කරනවා. නිතරම ලංකාවට එන නිසා ලංකාවෙන් ඈත් වුණා කියලා තාම ලොකුවට දැනෙන්නෙ නෑ…..

May be an image of 1 person

මට ගැළපෙන නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම ඇවිත් ඒකට දායක වෙනවා. එහෙම නැති වුණොත් ආයෙම වෙඩින් එක ගන්න බලාගෙනම තමයි ලංකාවට එන්නේ.“

No photo description available.No photo description available.

No photo description available.

No photo description available.