අද දින (24) යළි දිවයිනට පැමිණීමට නියමිතව සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීම තව සති 02කට කල් දමා ඇත.
ඊට හේතු වී ඇත්තේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටළු බව වාර්තා වනවා.
මේ වන විට ඔහු තායිලන්තයේ හෝටලයක ප්රභූ ආරක්ෂාව යටතේ රැදී සිටී.
ඒ වෙනුවෙන් දිනකට අති විශාල මුදලක් වැයකිරීමට සිදුව ඇති බවත් එම මුදල් පෞද්ගලික හිතවතුන් කිහිප දෙනෙකු විසින් ගෙවනු ලබන බවත් වාර්තා වෙයි.
කෙසේ නමුත් බොහෝ දෙනෙකු සඳහන් කර සිටියේ හිටපු ජනාධිපතිවරයා අද දින මෙරටට පැමිණෙන බවයි.