උණුසුම් පුවත්
Search
Untitled design 27

” එයා මාත් එක්ක මාසයක් විතර තරහා වෙලා හිටියා ” – දිනිති වල්ගමගේ

244

දිනිති වල්ගමගේ කියලා කියන්නේ මේ දවස් වල සමාජ මාධ්‍ය තුළ ඉතාම ජනප්‍රිය චරිතයක්. ඒ වගේම තමයි ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම air hoster කෙනෙක්ද වෙනවා. සිනමා නිර්මාණ තුළින් මෙන්ම වෙළඳ දැන්වීම් ඔස්සේත් දැකගන්නට ලැබෙන ඇය නිරන්තරයෙන්ම සමාජයේ කතාබහට ලක්වන චරිතයක් වෙනවා. ඉතින් පසුගිය දවස්වල කා අතරත් කටකතාවක් ගියා දිනිති වල්ගමගේ සංගීත් සතරසිංහ සමග පෙම් සබඳතාවක් පවත්වනවා කියලා. කොහොම වුනත් ඉතින් ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව සෘජුවම මාධ්‍යයට පවසා නැතත් ඔවුන්ගේ හැසිරීමෙන් සහ ක්‍රියා කලාපයෙන් ඔවුන් දෙදෙනා පෙම්වතුන් බව බොහෝ දෙනා පවසනවා. ඉතින් ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී air hoster කෙනෙක් විදිහට ඇය ලැබූ අත්දැකීම් පිළිබඳව රසිකයා සමඟ කියා සිටියේ මේ විදියට.

129538424 4067249923303999 6665665456935270115 n

” මගේ අයියා මාත් එක්ක කොහොමත් තරහා වෙලා හිටියා මාසයක් විතර, airline එකට join වුණා කියලා. පොඩි අයියා ඉංජිනියර් කෙනෙක්. එයා මට අසීමිතව ආදරය කරන කෙනෙක්. මගේ අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ස්ලා. මම ගිය ඉන්ටවීව් එකේ පන්දාස් ගාණක් ආවා. තෝරගත්තෙ 70 ගාණයි “

ඉතින් ඇය කාලයක්ම සෝෂල් මීඩියා වල viral චරිතයක් බවට පත්වුනා. ඉතින් ඒ ගැන ඇය සහ පවුලේ උදවිය දරා ගත් ආකාරය ඇය පවසා සිටියේ මේ විදියට.

129047360 4067249916637333 6154513953034455593 n

” තාත්තා තමයි ගොඩක්ම බය වුණේ, මේක දරාගන්න බැරිවෙයි කියලා. ඒගොල්ලො හිතුවේ නෑ මම මෙච්චර හයිය කෙනෙක් කියලා. අම්මා අනිවාර්යෙන්ම දන්නවා මට බනින්න ගන්නවා, පස්සෙ මම මානසිකව වැටෙයි කියලා. මට හයිය තියෙනවා. හැබැයි තාමත් වැටෙන එකම කෙනා තාත්තා. අපි ඉතින් ගෙවල්වල මෙහෙම ඉන් නෑ. රඟපාන් නෑනේ අපි ගෙවල්වල. මගේ හැටි. මම හැමතිස්සෙම කියවනවා, දඟලනවා. යාලුවෝ එක්ක ඉද්දි මම ලිමිට් නෑ. මගේ යාලුවොත් එක්ක මම ඉන්නකොට, එක්කෙනෙක් වීඩියෝ කරලා තිබුණා. මදුරුවෙක් ගැන එකක්. මේ වීඩියෝ වට්ස්ඇප් ගෲප්වල ගියා. මම දැනුවත්ව දාපු එකක් නෙවෙයි. ඒක පස්සෙ සෝශල් මීඩියා වල වයරල් වුණා. මම කවදාවත් කිසි කෙනෙකුට මගේ ෆෑන් කෙනෙක්ට බනින් නෑ. මගේ අම්මා තාත්තාට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. “

ඉතිං මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

163558440 4101606329919351 8115206242266137001 n