පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී ජනතා මතය නියෝජනය වී නොමැති බවත්, මන්ත්‍රීවරුන් ජන අරගලය සම්බන්ධයෙන් සංවේදී නොවූ බවත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
කෙසේ වුවත් දැන්වත් මහ නා හිමිවරුන් ප්‍රමුඛ ආගමික නායකයන් සහ සිවිල් සංවිධාන කළ ඉල්ලීම් අනුව ඉතා ඉක්මනින් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීමට, මහජනතාවගේ දුක නැතිකිරීමට, ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට හා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පැවැත්වීමට වත්මන් පාලනය කටයුතු කළ යුතු බව ද සෝභිත හිමියෝ සඳහන් කළහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019 දී රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා කරමින් රටක් මුලාවට පත්කළ බව කී සෝභිත හිමියෝ, ඔවුන් බැඳුම්කර වංචාව සිදුකළ හොරකු, දේශද්‍රෝහියකු, රට විකිණූ අයකු බව කියමින් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු ආසනය ද අහිමි කළ බව කීහ.
රනිල් වික්‍රමසිංහ මහතා එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන්නේ නම් තමන්ට අසත්‍ය චෝදනා එල්ල කළ අයට එරෙහිව පියවර ගත යුතු බව කී ඕමල්පේ සෝභිත හිමියෝ තමන් විසින්ම හොරකු ලෙස හංවඩු ගැසූ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිපති ධූරයට යෝජනා කිරීමට දිනේෂ් ගුණවර්ධන මහතාට නීතිමට හා සදාචාරාත්මක අයිතියක් තිබේදැයි තමන් ප්‍රශ්න කරන බව ද පැවසූහ.
හොරකම්, වංචා කරමින්, මුසාවාද කී අය ඉදිරි මැතිවරණයකදී ගෙදර යැවීමට ජනතාව බලා සිටින බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ඩයනා උදයංගනී
Source – Lankadeepa