උණුසුම් පුවත්
Search
bandula and gota

“හිටපු ජනපති හැංගිලා නෑ, ආයේ එනවා” – බන්දුල ගුණවර්ධන

68

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළ සිටියා.

ඊයේ (25) පැවති කැබිනට් මාධ්‍ය හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සැඟවී නොසිටි බවයි.

හිටපු ජනාධිපතිවරයා නිල වීසා බලපත්‍රයක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් ඇති අතර ඇතැම් වාර්තා වල සඳහන් වන පරිදි රැකවරණය පතා නොමැති බවත් ඔහු පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත ගොනු කර ඇති පැමිණිල්ලක් සහ අගෝස්තු මාසයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණි බවට වාර්තා වීම සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදියා පෙන්වා දුන් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන බව තමාට දන්වා ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා එහි වෙනසක් සිදුවුවහොත් අදාළ බලධාරීන් මගින් හිටපු ජනාධිපතිවරයා දැනුවත් කරන බවද සඳහන් කළේය.

දේශපාලනික වශයෙන් ගත් කල, හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ගමන් සැලසුම් හෝ ඔහු නැවත පැමිණීමට නියමිත නිශ්චිත දිනයන් පිළිබඳව රජයට දැනුම් දී නොමැති බවද ඔහු සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published.