”ක්ෂීර සාගරය කැළඹිනි” සිනමා පටය මේ දිනවල ඉතාමත් සාර්ථක ලෙස තිරගත වෙනවා. මෙම සිනමාපටයේ අධිරාජ්‍යයයා ලෙස රංගනයේ යෙදෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීයි. ඔහූගේ ප්‍රියම්බිකාව ලෙස රංඟනයේ යෙදෙන්නෙ ජනප්‍රිය නිළි උදාරි වර්නකුලසූරිය යි.
හදිසි අනතුරක් නිසා මේ වෙද්දිත් රොහල්ගත වෙලා ඉන්න ජැක්සන් ඇන්තනී ගැන උදාරී හරි සංවේදි වෙලා තිබුනා… ඇය කියා තිබුණේ ”ක්ශීර සාගරය කැලඹිනි සිනමාපටයේ අධිරාජ්‍යයාගේ ප්‍රියම්බිකාවගේ චරිතය විශ්වස කරලා මට දුන්නට ආචාර්‍ය සුනිල් ආරියරත්න මහතාට වගේ ජැක්සන් ඇන්තනී මහතාටත් ස්තුයි” යන්න ඇය ස්තූති කර තිබුනා.
ඒ වගෙම ඔහු නැතිව මුහුරත් උලළෙට යන්න වීම ගැනත් ඇය සංවේදී වෙලා තිබුනා…
”මට දුකයි හදවතින්ම, පුදුමාකාර වේදනාවකින් ඉන්නෙ ජැක්සන් ඇන්තනී මහතාට වුණ දේ ගැන…… අධිරාජ්‍යයා නැතිව ප්‍රියම්බිකාවට සිනමාපටය එලි දැක්වීමට මුහුරත් උලෙළට යාමට සිද්ධ වීම එක ගැන දුකයි.
එතුමගේ ”එක ගෙයි සොකරි” සිනමාපටයට එකතු කරගෙන මට දුන්න වටිනාකම නිසා තමයි චිත්‍රපට රැසක්ම ලැබුනේ. ඔහු තමයි සිනමා ක්ශේත්‍රයේ මගේ පියා, මගෙ ගුරුවරයා……”
ඒ වගේම උදාරි රංගනයේ යෙදෙන සිනමාපට රාශියක් මේ වනවිට තිරගත වීමට නියමිතව තිබෙන බවයි ආරංචිය.
මිදුණු විශ්වය, ශ්‍රී සිද්ධාර්ථ, ආසු සහ ජැක්සන් ඇන්තනී මහත්තයාගේ එක ගෙයි සොකරි, දේවි සම්බුලා සිංහල චිත්‍රපටය සහ ඉංග්‍රීසි චිත්‍රපටය ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි.