ලංකාවේ කාගේත් ආදරේ දිනාගෙන හිටපු දක්ෂ මෙන්ම ප්‍රවීණ ගායකයෙක් තමයි සුනිල් පෙරේරා කියන්නේ. ජිප්සීස් රටට හඳුන්වාදෙමින් සංගීත ක්ෂේත්රයේ විශාල මෙහෙවරක් කළ ඔහු කොවිඩ් ආසාදිතව අවාසනාවන්ත ලෙස අපේ රටට අහිමි වුණා. ඉතින් ඔහුගේ පුතා කවුරුත් හඳුනන දක්ෂ ගායකයෙක් තමයි ගයාන් පෙරේරා කියන්නේ. කොහොම වුනත් දැන්නම් ගයාන් වැඩිය පේන්න නෑ…. ගයාන් කාලයක් හිටියේ අමෙරිකාවේ. මේ කතාබහ උපුටාගන්නේ හැමෝම ආදරේ කරන ගයාන් පෙරේරා සමඟ කළ සාකච්ඡාවකින්.
ගයාන් කොහොමද ඇමරිකාවේ ගෙවපු ජීවිතය?
”මම ඇමරිකාවේ ඉද්දී ඉගන ගත්තේ සංගීතය. ඒ වගේම මම උපාධි දෙකක් ගත්තා. මට හැම වෙලාවේම ඕන වුනේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න. ඉතින් අධ්‍යාපනයට සහ රැකියාව එක්ක නිර්මාණ වලට යොදවන්න කාලය නැතිවුනා…. ඒකයි කාලයක් මම නිර්මාණ වලින් ඈත් වෙලා හිටියේ. ඉදිරියේදී මම තව ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

ගයාන් ලංකාවෙන් ආවේ කලකිරිලද?
”නැහැ මම ලංකාවෙන් ආවේ කලකිරිලා නෙවෙයි. මට ඕන වුනේ ලංකාවෙන් එලියට ගිහින් අරමුණක් වෙනුවෙන් ඉගනගන්න. ඉතින් ඒ කාපු කට්ට ගැන ගොඩක් සතුටුයි. මම අවුරුදු හයහමාරක් ඇමරිකාවේ හිටියා, ඇත්තටම ඒක ගොඩක් සුන්දර කට්ටක්…. මම ඒ කාලේ ටේබල් වේටින්, ෆුඩ් ඩිලිවරි, ඌබර් වගේ රැකියා එකසිය ගානක් කළා. මම කවුද කියන එක අමෙරිකාවේ අයට අදාළ නෑ. ඇමරිකාව කියන්නේ වෙනම ලෝකයක්. මිනිහෙක් දියුණු වෙන්න නම් මහන්සි වෙන්නම ඕන කියලයි මම හිතන්නේ….”

ගයාන් කියන්නේ ගොඩක් සුන්දර චරිතයක්… හරිම සරලව දිවිගෙවන ඔහු ගැන පියාගේ අහිමි වීමත් සමඟ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණා. ඉතින් පහුගිය කාලයේ ගයාන්ගේ පෙම්වතිය ගැනත් හැමෝම හොයන්න පටන් ගත්තා…. ඉතින් ගායාන්ගෙන් දැම්ම විවාහ වෙන්නේ නැද්ද කියලා මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට ඔහු දුන්නේ මේ වගේ පිළිතුරක්…

”මම දැන් පෙම්වතෙක්. ඒ වගේම මගේ පෙම්වතිය ලංකාවේ කෙනෙක්. ඇයත් තවම ඉගන ගන්නවා… මොකද මගේ පෙම්වතිය තවම පොඩියි. ඇයට වයස 22යි මට දැන් වයස 36යි. අපි හිතන විදියට ආදරයට වයස බාධාවක් නෑ, අදහස් ගැලපෙන්න විතරයි ඕන….”





Source – E faster
Photos – Gayana perera’s fb account
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී
- ”රට ගැන කළකිරිලා නෙවෙයි ප්‍රංශේ ගියේ” – දිල්කි උරේෂා
- ”විවාහයට සුදුසුයි කියලා හිතුණොත් පුජනී එක්ක විවාහ වෙනවා” – ගයාන් ගුණවර්ධන
- තරගයක් නැතිවම මෙවර ”මිසිස් ශ්‍රී ලංකා කිරුළ” ඌෂි පෙරේරාට (ඡායාරූප සහිතයි)
- ”විවාහ ජීවිතේ ගැන බොරු කියන්න මට බෑ, හැබැයි ඒක අපූරුයි” – අභිෂේකා විමලවීර
- රංගන ශිල්පිනි සඳනි පතිරණගේ යුග දිවියට (ඡායාරූප සහිතයි)