මේ වෙද්දී රංගන ශිල්පිනියක ලෙසින් ලාංකිකයන් හැමෝම අතර ජනප්‍රියත්වයට පත් අයිටීඑන් අවුරුදු කුමරි තරගාවලියෙන් අන්තිම දොළොස් දෙනා අතරට තේරුණු සුරූපී තරුණියක් තමයි දුෂේනි මියුරංගි ද සිල්වා කියන්නේ. එලෙස සිය කලා ගමන් මග ආරම්භ කරන ඇය 2019 වසරේදී සිද්ධාර්ථ ගෞතම ටෙලි නිර්මාණයේ චරිතයක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට එනවා.

කොහොම වෙතත් කාලයක් අපට පුංචි තිරයේ දැකගන්නට නොලැබුන ඇය මේවෙද්දී නම් නිරන්තරයෙන් පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන ”පාර දිගේ” ටෙලි නිර්මාණයේ බන්ටි කියන චරිතය තුළින් සහ ස්වාධීන රූපවාහිනියේ මේ දිනවල විකාශය වන අලුත් ටෙලි නිර්මාණයක් වන ‘වීදුරු මල්’ ටෙලි නිර්මාණය ඔස්සේයි.

ඒ කොහොම වෙතත් පාර දිගේ ටෙලි නිර්මාණයේ ද්විත්ව චරිතයක් වන බන්ටි සහ සරනි හැටියට ප්‍රේක්ෂකයන් හමුවට එන ඇයට ඉහළ ජනතා ආකර්ෂණයක් වගේම ආදරයක් මේ වෙද්දී ලැබෙන අතර ඇයව අපට කාලයක් ක්ෂේත්රය තුළින් දැකගන්නට ලැබුණේ නැහැ. ඊට හේතුව වෙන්නේ ඇය ඉන්දියාවට ගොස් සිටීමයි.

ඇත්තෙන්ම ඇයට මේ විදිහට ඉන්දියාවට යන්න අවස්ථාව හිමිවෙන්නේ ඇය ඉන්දියානු රංගන ශිල්පී සිද්ධාර්ත් මල්හෝත්‍රා සමගින් හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙලේදී නර්තනය කිරීම නිසාවෙන් බවයි දැනගන්නට ලැබුණේ. කොහොම නමුත් ඇය එවැනි අවස්ථාවක් උදාකරගන්නට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා.

ඉතින් පුංචි තිරයේ නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්වෙමින් තමන්ට කලා ක්ෂේත්රයේදී දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කියල තිබුණේ මෙලෙසයි.
” මම රගපාන්න බෑ කියලා කියද්දී අම්මයි තාත්තයි මාව උනන්දු කලා. විශේෂයෙන් තාත්තා මාව රගපාන තැනට මගේ ඔලුව හැදුවා. දැන්නම් ලංකාව දාලා යන්න දුකයි….. මොකද ඒ තරමට මට බන්ටිට ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසා මම ඉන්දියාවෙයි ලංකාවෙයි වැඩකටයුතු සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ…..

පාර දිගේ ටෙලිනාට්‍යය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය බවට පත් වුනා…”
ආදරේ ගැනත් ඇය අදහස් දක්වලා තිබුණා….
”ආදරේ ගැන…..ම්ම්ම්ම්… මම හිතන්නේ හරි කෙනෙක් ලැබුනොත් ජීවිතේ ලස්සනයි….. ඒක මට හරි විදියට ලැබුණද කියන්න මම දන්නෙත් නෑ. හැබැයි මම මිනිස්සුන්ගේ සබදතා වලට බයයි….. ආදරේ කියන්නේ හිමි වීමට නෙමෙයි, එයා කොහේ හරි ඉදන් සතුටින් ජීවත් වෙන්නයි ඕන කියලයි මම හිතන්නේ. ‘’

මේ විදිහට අදහස් දක්වන ඇගේ පළමු සිනමා නිර්මාණය බවට පත්වෙන්නේ ‘සිංහබාහු’ කියන සිනමා නිර්මාණයයි.
