උණුසුම් පුවත්
Search
k sujeewa

”ඔහු මාව දන්නේ නැති නිසයි ප්‍රසිද්ධ කෙනෙක් කියලා කියන්න වුණේ” – කේ. සුජීවා දැන් කියන කතාව

6806

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි කේ.සුජීවා කියලා කියන්නේ. ඉතින් රටක් ආදරය කරන ජනප්‍රිය ගායිකවක වන කේ.සුජීවා හා ඇගේ දියණියන් මහමග දී තවත් පුද්ගලයකු සමඟ ආරවුලක් ඇති කරගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය පුරා අතිශයින් හුවමාරු වෙනවා. මෙහිදී කේ. සුජීවා තමන් ජනප්‍රිය කෙනෙක් බව පොලිසිය හා මහාමාර්ගයේ සිටින පිරිස හමුවේ ප්‍රකාශ කිරීම මේ වන විට කතාබහට හේතුවක් වී තිබෙනවා. කෙසේ නමුත් සමාජ මාධ්‍යයේ මේ වන විට වයිරල් වී ඇත්තේ සිද්දීයේ එක පැත්තක් පමණක් නිසා කවුරුත් නොදන්නා පැත්ත අහල දැනගන්න පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

image 41

ඉතින් දෙසැම්බර් 31 රාත්‍රියේදී ඇය ප්‍රසංගයකට යන අතරතුර ලේක්හවුස් තියෙන පාරේ ගෝල්ෆේස් පැත්තට හරවන්න අන්තිම ලේන් එකේ වාහනේ නතර කරන් තමයි ඔවුන් ඉදලා තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි තව වහනයක් ඇවිත් ඔවුන්ගේ වාහනේ වද්දලා ගිහින් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ වාහනේ පදවාගෙන ගිහින් තියෙන්නේ කේ.සුජීවගේ දුව අංජලී.

image 44

ඊට පස්සේ අනිත් වාහනේ එළවන් ගිය කෙනා වාහනෙන් බැහැලා බැනගෙන ඇවිත් තියෙනවා හැප්පුවේ අංජලී කියාගෙන. කොහොම නමුත් මේ ආරවුල යන වෙලාවේ පොලිසියේ කෙනෙක් අංජලීට තමුසේ කියලා බැනලා තියෙනවා. ඉතින් ඊට පස්සේ සුජීවා වාහනෙන් බැහැලා ගිහින් පොලිසියේ කෙනාට කිවුවලු ඔහොම කතා කරන්න එපා ළමයින්ට කියලා.

image 42

ඒ වගේම ඇයට ගෝල්ෆේස් එකේ ප්‍රසංගයට යන්න වෙලා යන නිසා පාස් එක පෙන්නලා ඉක්මනින් ප්‍රසංගයට යන්න උත්සහ කළා කියලයි සුජීවා නම් කියන්නේ. ඉතින් ඒ වෙලාවේ තමයි පොලිසියේ කෙනා කියලා තියෙන්නේ ඔහු සුජීවාව දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවෙලු ඇයට කියන්න සිද්ධ වුනේ ඇය ප්‍රසිද්ධ කෙනෙක් කියලා.

image 43

ඒ වගේම ඔවුන් බීමතින් හිටයා කියන කතාවත් බොරුවක් කියලයි ඇය කියන්නේ. එහෙම වුන නම් ඒ වෙලාවේම පොලිසියට ඔවුන්ව අත්අඩංගුවට ගන්න තිබුනා කියලත් ඇය කියනවා…. ඒ වගේම කොහොමත් ඇය ඉස්සර ඉදන්ම බොන කෙනෙක් නෙමෙයි කියලයි සුජීවා නම් කියන්නේ. කොහොම නමුත් ඒ වෙලාවේ ඔවුන්ව වීඩියෝ කලත් ඇයගේ අකමැත්තෙන් ඇය එපා කියද්දී කියලත් ඇය කියනවා. ඒ වගේම ඔවුන්ගෙන් එදා කිසිම වරදක් වුනේ නැහැ කියලයි ඇය කියන්නේ.

image 40

ඒ වගේම ඇය බෞද්ධයෙක් නිසා කවදාවත් කාටවත් පරුෂ වචනයක් කියලා බැනලා නැහැ කියලත් ඇය කියනවා. ඉතින් මේ වගේ දේවල් ඇයට විතරක් නෙමෙයි වෙන කාට වුනත් කරන්න එපා කියලයි සුජීවා කියන්නේ. මොකද ඇය තනි මවක් නිසා ඇයගේ දරුවන්ට අපහාසයක් කලොත් හරි බැන්නොතින් හරි ඇය ඒ වෙලාවේ දරුවෝ වෙනුවෙන් ගහ ග න්නවා නෙමෙයි ම රා ගන්න වුනත් පුළුවන් කියලයි ඇය කියන්නේ. මොකද ඇයගේ දරුවෝ වෙනුවෙන් ඇයට කරන්න බැරි දෙයක් නැති නිසා.

image 39