උණුසුම් පුවත්
Search
Untitled design 25

” එයා මට ආදරේ නෑ. මට ආදරේ නැති කෙනෙක්ට තමයි මට ආදරේ හිතුනෙ ” – සුදීක්ෂා සමාධි

204

සුදීක්ෂා සමාධි කියල කියන්නේ වර්තමාන රංගන ක්ෂේත්‍රය තුළ වැඩිපුරම දක්නට ලැබෙන ආදරණීය රංගන ශිල්පිනියක්. ඇයටම ආවේනික වූ කැරලි ගැසුණු කොන්ඩය නිසා කාගේත් අවධානය සහ ආකර්ෂණය දිනාගන්නා ඇය ෂැඩෝ , දිවිතුරා , මීනූ ආදී ටෙලි නාට්‍යයන් තුළ සිය අපූරු තාත්වික රංගන හැකියාව විදහා දක්වනවා. ඉතිං ගොඩක් වෙලාවට අපට ඇයව දැක ගන්නට ලැබෙන්නේ දඟකාර කටකාර චරිතයන් හරහා යි. ඉතිං ඒ ගැන ඇය කියන්නේ ඇයගේ පෙනුමත් එක්ක බලලා එවැනි චරිත දෙනවා ඇතැයි කියායි. නමුත් ඇය කැමතියිලු වෙනස් දෙයක් ඔස්සේ රසිකයා හමුවන්න. ඉදිරියේදී එවන් නිර්මාණයක් ලැබෙන තෙක් ඇය බලා ඉන්නවා කියලා තමයි කියන්නේ.

ss3

ඉතින් මේ වෙනකොට ඇය රංගන ශිල්පිනියක් විදිහට විතරක් නෙවෙයි රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහටත් වැඩ කටයුතු කරගෙන යමින් සිටිනවා. ඉතිං ඇය කියන විදියට ජවය තියෙන කාලෙදී අපේ කාලේ අපේ යවනනෙ නැතුව ප්‍රයෝජනවත් වැඩක් සඳහා කාලය යොදවන්න ඕන ලු. ඒ නිසාම තමයි ඇයගේම කියලා සැලොන් එකක් ඇය පටන් අරගෙන තියෙන්නේ. ඇයගේ ආදරය ගැන කතා කළොත් බොහෝ අවස්ථාවන් වලදී පවසලා තියෙනවා ඇයට තියෙන්නේ ඒක පාර්ශික ආදරයක් කියලා. පසුගිය දිනකදී ඇය එක් වූ එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක දීත් ඒ ගැන පවසලා තිබුණා. ඒ මේ විදිහට.

309166379 625815045639081 3549134768156817663 n

” එයා මට ආදරේ නෑ.මට ආදරේ නැති කෙනෙක්ට තමයි මට ආදරේ හිතුනෙ. ඉතින් එයත් මට ආදරේ නැත්තං ආදරේ නැති තැනකින් හොඳම දේ තමයි අයින් වෙන එක. ඒක එයාටත් කරදරයි මටත් කරදරයි. ඊට වඩා හොඳයි මම තේරුම් ගන්න හිත හදාගෙන ඉන්න එක. ඉතින් මම දැන් තේරුම් අරගෙන හිත හදාගෙන ඉන්නවා කියලා හිතනවා. ඒ වගේම එහෙම ඉන්න ගොඩක් උත්සහ කරනවා. “

ඒ වගේම තමයි මින් පෙරදී ඇය ඒ ගැන එක්තරා මාධ්‍යයකට මෙලෙස පවසා තිබුණා.

259292245 4520874227996038 1404175347644166603 n

” ඒක පාර්ශවීය ආදරය නිසා යාළුකම් නැති වෙයි කියලා බයක් නැහැ. ඒ කෙනා දන්නවා මම ආදරෙයි කියලා. සමහරවිට මම ගැළපෙන්නේ නැහැ කියලා හිතලා අඟවන් නැතුව ඉන්නවා වෙන්න පුළුවන්. මමත් ඉතින් ඒක දැනගෙන පැත්තකට වෙලා ඉන්නවා. “

ඉතිං මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

hHC0y5G