ගිවන්ත අර්ථසාද්එ දා පුංචි තිරයට අහිංසක ප්‍රේමවන්තයෙක් වුණු ඔහු කාලයක් නිර්මාණ කටයුතු වල දකින්න ලැබුණේ නැහැ.
ඒ වගේම ඔහුගේ පුද්ගලික ජීවිතේ ගැනත් තොරතුරු දැනගන්න විදිහක් නැතුව ගියා.
කොහොම වුණත්, පසුගිය දවසක ෂැනාසෝ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ගිවන්ත බොහෝම වෙනස් විදිහේ කතාවක් අනාවරණය කරලා තිබුණා….

ඒ, ඔහුගේ පෞද්ගලික ජීවිතේ ගැන,
“එයයි මායි කසාද බැන්ඳා හොඳින් හිටියා.. ඔහොම කාලයක් ගියා. පුතා හම්බුණා. සුන්දරව හිටියා. පස්සෙ අපේ මතිමතාන්තර අදහස් නොගැළපීම නිසා මේ දේ වෙනවා.. මගේ ස්වරූපය එයාට නොගැළපීමක් වෙනවා. එයාගේ ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකත් එක්ක…”

“මං ගැන පොඩි වෛරයක්.. පස්සෙ එයා තීරණය කළා ඩිවෝස් වෙන්න. මම කිව්වා ඕකේ. ඕන කෙනෙක්ට නිදහස තියනවා යන්න. අපි අවුරුදු 17ක් වෙනවා බැඳලා.. වෙන්වෙලා අවුරුදු 07ක්. ඕන කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් කවුද හරි කවුද වැරදි කියල. මගේ ජීවිතේ ගත්ත අනුවණන්කාර තීරණෙ එයා ළඟ ජීවත් වීම…..”
