අපේ රටේ කලා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ මෙන්ම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි හර්ෂණ බෙත්මගේ කියන්නේ. කාගේත් ආකර්ෂණය ලබා ගන්න හැකි වුණු හර්ෂණ කාලයක් ජනප්‍රිය තලයේ රංගන ශිල්පියෙක් බවට පත් වෙලා තිබුණා. ඔහුව එදා පුංචි තිරය හරහා නිතරම දකින්න ලැබුණේ පෙම්වතාගේ චරිතය හරහායි.

පුංචි තිරයේ අහිංසක පෙම්වතා විදියට ආදරය ලබපු හර්ෂණට එදා ලැබුණු ජනප්‍රියත්වය අද වන තුරු අඩු වීමක් නෑ. නමුත් ඔහුව මේ වන විට නිතරම පුංචි තිරයෙන් දකින්න ලැබෙන්නේ නෑ. හර්ෂණගේ පෞද්ගලික ජීවිතයේ යම් යම් දේ ප්‍රේක්ෂකයන් විදියට ගොඩක් දෙනෙක් දන්නවා. ඉතින් ඔහු මුලින්ම විවාහ වෙලා හිටියේ කලා ක්ෂේත්‍රයේම අපි කවුරුත් ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී සමඟයි.

ඉතින් හර්ෂණ – වොල්ගා හොදම යාලුවන් වෙලා තමයි ආදරය කරන්න පටන් අරන් තියෙන්නේ. ඉන් පසු ඔවුන්ගේ පෞද්ගලික හේතූන් මත මේ දෙදෙනා වෙන් වෙන්න තීරණය කරනවා. කොහොම වුණත් මේ වන විට වොල්ගා කල්පනී තනිකඩ ජීවිතයක් ගත කරන අතර හර්ෂණ බෙත්මගේ නැවත විවාහයක් කරගත්තා.

ඉතින් හර්ෂණ ඔහුගේ ආදරණීය බිරිද වන අරුණි නදීශානි සමග සතුටින් කාලය ගත කරද්දී ඔවුන්ගේ සුන්දර කැදැල්ලෙන් සුබ පණිවිඩයක් අහන්න ලැබෙනවා. ඒ අරුණි සහ හර්ෂණ මව්පිය පදවි ලබන්න සුදානම් වන බව.

මේ සුන්දර පුවත ගැන හර්ෂණ සමාජ මාධ්‍ය හරහා ඉතා ආදරණීය සටහනක් පළ කරලා තිබුණා ද දක්නට ලැබෙනවා.
