නව අමාත්‍යවරුන් 09 දෙනෙකු අද (20) දින නව කැබිනට් අමාත්‍ය ධුර වල පත්වීම් ලැබුවා.
ඔවුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙනු ලැබුවා.
එම අමාත්‍ය ධුර අතර සමඟි ජන බලවේගය නියෝජයන කරමින් සිට පසුව ස්වාධීන වූ බව පැවසූ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද සිටියා.
එමෙන්ම සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ද ඒ අතර වනවා.


ඒ අනුව අද දිවුරුම් දුන් අමාත්‍යවරුන් මෙසේයි.
- නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
- ආචාර්ය, සුසිල් ප්‍රේමජයන්ත් මහතා – අධ්‍යාපන අමාත්‍ය
- ආචාර්ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා -සෞඛ්‍ය අමාත්‍ය
- ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
- හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
- රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
- මනුෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
- නලීන් ප්‍රනාන්දු මහතා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
- ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය
