ඊයේ (20) දින රජයේ අමාත්‍ය ධුර ලබා ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කර සිටිනවා.
පක්ෂයේ තීරණයට විරුද්ධව රජයට එක්ව ඇමති ධුර ලබා ගැනීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් දෙදෙනාට එරෙහිව මෙම පියවර ගත් බවයි රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍ය ධුර වල දිවුරුම් දුන් මොවුන් දෙදෙනා අතරින් හරින් ප්‍රනාන්දු හට සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරය ද මනුෂ නානායක්කාර හට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරය ද හිමිවන ලදී.
පසුගිය කාල වකවානුව තුළ මොවුන් දෙදෙනාම වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මහජනතාව ඉදිරියේ කැපී පෙනෙන චරිත දෙකක් ලෙස දැකගැනීමට ද හැකිවිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය හකුලා ගනු පිණිස තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින සාමකාමී අරගලය වෙනුවෙන් ද ඔවුන් දෙදෙනාම පෙනී සිටි අතර ඔවුන්ගේ මෙම ක්‍රියාකලාපය මහජනතාව තුළ පිළිකුලක් ඇති කර තිබෙනු ද දැකගත හැකිය.