උණුසුම් පුවත්
Search
salary

”රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් අඩක් ?” – මුදල් අමාත්‍යංශ ලේකම්ගෙන් ප්‍රකාශයක්

199

ඉදිරි මාසයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් අඩක් ගෙවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර රැසක් පැතිර යනවා.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අදහස් දක්වමින් සඳහන් කලේ මෙම ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යයක් බවයි.

කෙසේ නමුත් මීට පෙර බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වන විට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ආණ්ඩුවට ගැටළු රැසක් පවතින බවයි.

මෙම හේතුව මත පසුගිය මාසයේ වැටුප් සම්බන්ධව ද රාජ්‍ය සේවකයින් අතර කුකුසක් ඇතිව තිබුණා.