ළමා කාලයේ සිටම රංගන ක්ෂේත්‍රය තුළ දකින්න ලැබෙන සුරූපිනියක් තමයි හර්ෂි රසාංගා කියන්නේ. සුජාතා ටෙලිනාට්‍යයේ රංගනය කල හර්ෂි මේ වන විට නිර්මාණ ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන් තැනැත්තියක්. ඉතින් විලාසිතා වලට බෙහෙවින් ප්‍රිය කරන හර්ෂි ටැටූ විලාසිතාව හොදින්ම විදින කෙනෙක්. ඇගේ සිරුර පුරා ටැටු මේ වන විට 14ක් තියෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ.
ඇය රංගනය කල ලංවී ටෙලිනාට්‍යය නිසා ලංකාව අතහැරලා ඇගේ අධ්‍යාපන කටයුතු වලට නොයා හිටපු හර්ෂි මේ වන විට නම් රංගනය හමාර කරලා දැන් විදෙස් ගත වෙන්නයි සූදානම් වෙන්නේ. ඇය ගැන පසුගිය දා වැඩිපුර කතා බහ කලේ ඇගේ විවාහ ගිවිස ගැනීමත් එක්කයි. හැමෝම බැලුවේ ඇයි මේ පොඩි වයසෙදිම විවාහ ගිවිස ගැනීමක් කලෙ කියලා. ඉතින් හර්ෂි කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගත්තම විවාහ ගිවිස ගැනීම සුදුසුයි කියලා ගෙවල් වලිනුත් ප්‍රශ්නයක් නොතිබුණ නිසා ඒ විදියට කලේ කියලා.
හර්ෂි මේ වන විට ඇගේ කොන්ඩ විලාසිතාවත් වෙනදා තිබුණට සාපේක්ෂව ගොඩක් වෙනස් කරලා. ඒ ගැන ඇය සහභාගි වුණු එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි.
”මම පොඩි කාලේ ඉදලම කලාවෙ හිටියනේ…… ඉතින් මම ඒ කාලේ ඉදලම නිර්මාණ වලට ගැලපෙන විදියට තමයි කොන්ඩෙ හදාගෙන තිබ්බේ. නමුත් මම ආසම කොන්ඩෙ කොටට කපන්න. ඒත් මේ තරම් කොට කලේ නම් කොන්ඩෙ ඩැමේජ් වෙලා තිබුණ නිසා. දැන් වවන්න බලාගෙන.”