රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවක සංගමය අද (24) පෙරවරුවේ විරෝධතාවයක් දියත් කරනු ලැබුවා.
දීමනා කප්පාදුවක් කළැයි චෝදනා කරමින් ඊට විරෝධය පෑමට ඔවුහු පා ගමනින් නාරාහේන්පිට, පොල්හේන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පා ගමනින් ගමන් කරමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.
එම සේවකයන් 1750කගේ දීමනා මෙලෙස කප්පාදු කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
‘වැටුප් කප්පාදු කරලා තියෙන්නේ පහළ සේවකයන්ගේ විතරයි, අපි වැටුප් ගන්නේ අපි හම්බකරලා’ යනුවෙන් විරෝධතාකරුවන් පවසනවා.
එමෙන්ම රජයේ මුද්‍රණ සියල්ල ටිකෙන් ටික පෞද්ගලීකරණය කරන බවයි ඔවුන් චෝදනා කරන්නේ.