විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි.
වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ ප්‍රකාශයක් වැරැදි ලෙස අර්ථකථනය කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් සඳහා රජයේ මුදල් වැය කරන බවට මාධ්‍ය වාර්තා පළ වන බවත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
