ජන අරගලය දිනයේ රටින් පළා ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයින හරහා සිංගප්පූරුවේ මාසයක පමණ කාලයක් වාසය කිරීමෙන් පසු ඊයේ (11) දින වීසා අවසන් වූ පසු තායිලන්තයට මාස 03ක් සඳහා පිටව ගොස් තිබෙනවා.
ඔහුගේ දින 90ක තායි වීසා බලපත්‍රය අවසන් වීමෙන් පසු නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි වාර්තා පළවනවා.
වෙනත් රටක තාවකාලිකව නවාතැන් ගැනීමට ඔහුට විකල්ප නොමැති බැවින් හා ජන විරෝධය මේ වනවිට පාලනයට ලක්කර පවතින බැවින් එලෙස පැමිණෙනු ඇතැයි ද වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ දක්වා ඔහු කිසිදු රටක සරණාගතභාවය පතා නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
මානුෂීය හේතූන් මත ඔහුට තායිලන්තයට ඇතුළු වීමට අවසර දෙන බව තායි අගමැති ප්‍රයුත් චාන් ඕ චා ඊයේ විදෙස් මාධ්‍ය වෙත තහවුරු කළේ.
ඒ අතර එය තාවකාලික රැඳී සිටීමක් පමණක් බවට ඔවුන් පොරොන්දු වී තිබෙනවා.
බලයෙන් පහ කළ ජනාධිපතිවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සෘජුවම අභියාචනයක් ඉදිරිපත් කර ගෝඨාභය රාජපක්ෂට තායිලන්තයේ තාවකාලික නවාතැන් ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා තිබුණි. පසුගිය මාසයේ රාජපක්ෂ කොළඹින් මාලදිවයිනට ගිය අවස්ථාවේ සිට ශ්‍රී ලංකා රජය මාලදිවයින, සිංගප්පූරුව සහ මේ වන විට තායිලන්ත රජය සමඟ සම්බන්ධ වී රාජපක්ෂට තාවකාලිකව එම රටවල රැඳී සිටීමට කටයුතු සම්පාදනය කළේය. කෙසේ වෙතත් දින 90ක තායි වීසා බලපත්‍රය නොවැම්බර් මාසයේදී අවසන් වන බැවින්, දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියෙකු බැවින් සහ රට තුළ රැඳී සිටීමට නීත්‍යානුකූල අයිතිය ඇති බැවින් ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි.
රාජපක්ෂලාට රටින් පලායාමට බහුවිධ වියදම් දැරුවේ ඔහු සහ ඔහුගේ පුත් මනෝජ් රාජපක්ෂ බවත් ඔහු සහ ඔහුගේ බිරිඳ ප්‍රවාහනය කිරීමට යොදාගත් ගුවන් හමුදා ගුවන් යානය හැර මෙතෙක් රාජ්‍ය මුදල් යොදවා නොමැති බවත් අද දින ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබෙනවා.
පසුගිය මාසයේ කොළඹ සිට මාලේ දක්වා ගමන් කිරීමේදී මාලදිවයිනේ කතානායක නෂීඩ් උදව් කළ අතර හිටපු ජනාධිපතිවරයාගේ නවාතැනට මුදල් සපයනු ලැබුවේ රාජපක්ෂලාගෙන් උදව් ලබාගත් ධනවත් ව්‍යාපාරිකයකු බවද ඇතැම් මාධ්‍ය මගින් හෙලිදරව් කර සිටිනවා.
ඊයේ සිංගප්පූරුවේ සිට තායිලන්තය දක්වා ගෝඨාභය හා බිරිය ගමන් කළේ පොදු මගී ගුවන් යානයක නොවන අතර ඔවුන් දෙන්නා වෙනුවෙන්ම කුලියට ලබාදුන් වරලත් ගුවන් යානයකිනි. මේ සඳහා විශාල වියදමක් දරා ඇත්තේ ඔහුගේ පුත් මනෝජ් රාජපක්ෂ බව ද වාර්තා වනවා.
ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට තායිලන්තයේ නවාතැන් පහසුකම් සලසා ඇත්තේ කෙලෙසද යන්න තවමත් පැහැදිලි නැත.
ගෝඨාභය තායිලන්තයෙන් ඊළඟට යාමට සිටින්නේ ඩුබායි වෙත බවට විවිධ ආරංචි පැතිර තිබුණ නමුත් රාජපක්ෂට මැදපෙරදිග රැකවරණ පතා යාමට කිහිප වතාවක්ම උත්සාහ කළ ද ඔහුට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා යළි ශ්‍රී ලංකාවට පැමිණීමට දැන් තීරණයක් ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එසේ පැමිණීමේදී ඔහුට හිටපු ජනපතිවරයෙකුට ලැබෙන ආරක්ෂාව නිලධාරීන් කිහිප දෙනෙකු සැපයුණත් එය ප්‍රමාණවත් නොවන බවට නීතිය අනුව පෙන්වා දී ඇති අතර ඉදිරි කාලයේ රනිල් වික්‍රමසිංහ හා පොහොට්ටු බහුතරය සහිත ආණ්ඩුවක් පවතින තාක් ආරක්ෂාව ගැන ගැටලු මතු නොකරනු ඇතැයි වාර්තා වනවා.
Source – Gossip Lanka news