උණුසුම් පුවත්
Search
gota

ගෝඨාට චීන වීසා ලැබෙයි – අද අලුයම කාගෝ ටර්මිනල් එකින් පිටව යයි

314

අමෙරිකානු පුරවැසිකමෙන් ඉවත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පුතු වාසය කරන අමෙරිකාවට යාමට තවමත් වීසා සකසා ගන්නට බැරිව ගියේය. පසුගිය කාලයේ පවුලේ අය සමග ඩුබායිහි සංචාරක වීසා මත කෙටි නිවාඩුවකට ගෝඨාභය සහභාගී වූ අතර ගොඨාභය බිරිඳ අයෝමා රාජපක්ෂ සමග අද දින අලුයම මැලේසියාව හරහා චීනය බලා පිටත්ව ගිය බව වාර්තා වනවා.

මැලේසියානු ගුවන් සේවයේ MH – 178 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.25ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා ගමන් කළ ඔවුන් අනතුරුව එතැන් සිට චීනයට පියාසර කරනු ඇත.

හිටපු ජනාධිපතිවරයා අද කටුනායකින් ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව ගිය ආකාරය විශේෂිතය.

කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ (V.I.P. Lounge) හෝ මුදල් ගෙවා ලබා ගත හැකි සිල්ක් රූට් හෝ ගෝල්ඩ් රූට් පහසුකම් මත හෝ සාමාන්‍ය ගුවන් මගී පර්යන්තය ඔස්සේ ගමන් නොකර ගුවන් භාණ්ඩ පර්යන්තය ඔස්සේ පිටත්ව යාම සිදු කර ඇත්තේ වැඩි ආරක්ෂාව තකා බවට අනුමාන කෙරේ.

පසුගිය ජූලි මාසයේ ජනතා අරගලය මැද රටින් පළාගිය ගෝඨාභය අනතුරුව මාලදිවයින සිංගප්පූරුව හා තායිලන්තය යන රටවල සැඟවී වාසය කළ අතර ඒ කාලය තුලදී වෙනත් කිසිදු රටකට වීසා සකසා ගැනීමට බැරිව ගියේය. මෙවර ඔහු චීනයට යන්නේ කවර හේතුවක් මත ද යන්න පැහැදිලි නැත.

රාජපක්ෂ පවුල චීනය සමග දීර්ඝ කාලීන සබඳතා පවත්වා ඇත.