උණුසුම් පුවත්
Search

“ගෝඨා යන්නේ නෑ, අපි ආවේ යවන්න…” – හරීන් ප්‍රනාන්දු

126

ජනපති ඉවත් නොවන බවත් ඔහු යැවීමට ක්‍රමයක් නොමැති බවත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

අද (20) දිනයේ නව අමාත්‍ය ධුරය භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

“ගෝඨා යන්නේ නෑ. යවන්න පුළුවන් ක්‍රමයක් කියන්න…. කරන්න පුළුවන් එකම දේ මකරගේ කටට ගිහින් මේක වෙනස් කරන එක. වොයිස් කට් දීලා නෙමෙයි. ආණ්ඩුව පෙරළන්න අපි ඒ දේ කළා… නමුත් දැන් ආණ්ඩුව සිටුවන්නත් ඒ දේ කළ යුතුයි…. ජනපති යන්නේ නෑ. මේක ස්ථාවර කරලා යයි. ආයේ එතුමට දේශපාලනය කරන්න බෑ….”

ජනපතිත් සමග වචනයක්වත් කථා නොකළ බවත් ඉවත බලාගෙන පත්විම් ලිපිය ගත් බවත් අමාතය හරීන් ප්‍රනාන්දු පවසා සිටිනවා.

“ඒකයි පොටෝත් නැත්තේ” යැයි ද ඔහු පවසා ඇත.

“මම දේශපාලකයෙක් වශයෙන් ඒ පුද්ගලයාට ගරු කරන්න ඕන නෑ…. නමුත් ඒ තනතුරට ගරු කළ යුතුයි…”

“මේ රටේ නිව්ස් දෙද්දී පොසිටිව් නිව්ස් දෙන්න…. මාස තුනක්වත් ඒ දේ කරන්න. මම වැදලා කියන්නේ මාස තුනක් අපි පොසිටිව් දේවල් උස්සමු. අපි මේක වෙනස් කරමු.” යනුවෙන් සඳහන් කර සිටිනවා.

කෙසේ නමුත් මේ වන විට නව අමාත්‍ය ධුරය භාර ගනිමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඉතාමත් සිනහ මුසුව ජනාධිපතිවරයා සමඟ ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත් වී තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.