උණුසුම් පුවත්
Search
mahinda and gota

”ගෝඨා පැනලා ගියේ නෑ, සිංගප්පූරු ගියේ බෙහෙත් ගන්න” – මහින්ද රාජපක්ෂ

227

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු අගමැති මහින්ද රාජපක්ෂ දිවයින පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.

එහිදී හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිවිටෙකත් කිසිවෙකුට බයේ රටින් පලා ගියේ නැති බවත් ඔහු සිංගප්පුරුවට ගියේ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ගැනීම සඳහා බවත්ය.

එහි දී දිවයින පුවත්පතේ මාධ්‍යවේදියා විසින් නැගූ ප්‍රශ්න කීපයකට මහින්ද රාජපක්ෂපිළිතුරු දුන්නේ මෙසේයි,

ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි..?

පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?

ප්‍රශ්නය – ජනතාව…

පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්. ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා. එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි….

නෝමන් පලිහවඩන

Source – Divaina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *