අපේ රටේ රූපවාහිනී නාලිකා කාලෙන් කාලෙට ගායන තරු බිහි කිරීමට නොයෙක් රියැලිටි වැඩසටහන් කරලියට ගෙන එනු ලැබුවා. ගායන ක්ෂේත්රයට බොහෝ මිණි කැට එම වැඩසටහන් හරහා බිහි උනා.. වර්තමානයේ අපේ රටේ බොහොම ජනප්‍රිය වැඩසටහනක් තමයි.. සිරස ද වොයිස් කියන්නෙ.. එම වැඩසටහන හරහා බොහෝ දෙනෙකුගේ හදවතේ සිටි ගායිකාවක් තමයි ආශන්ය ප්‍රේමදාස කියන්නෙ.. ඇගේ ගායන හැකියාවෙන්.. බොහෝ දෙනාගේ සිත් සොරාගත් මේ සුන්දර යුවතිය තමන්ගේ ජීවිතය තමන්ගෙ කලා කටයුතු පිළිබදව ප්‍රකාශ කරලා තිබුණේ මෙන්න මෙහෙම..

ඇය තම රසිකයන් වෙත පිරිනැමීමට තමන්ගේ කුළුඳුල් ගීතය මේ දවස් වල නිර්මාණය කරමින් පවතිනවා කියලා තමයි ඇය කියලා තියෙන්නේ. වැඩ කටයුතු නිසා මේ දිනවල ඇය ගොඩක් කාර්යබහුල වෙලා ලබන මාසේ ඒ ගීතය එළි දක්වන්න ඇය කටයුතු කරමින් යනවා කියලා තමයි වැඩිදුරටත් ඇය පවසන තිබුනෙ. එයාට තව අමතරව online business එකක් තියෙන නිසා ඒකෙ වැඩකටයුතුත් එක්ක ගොඩක් බිසී වෙලා ඉන්නවා කියලා තමා ඇය ප්‍රකාශ කරෙ..

ඇගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව කියලා තිබුණේ.. එයා සාමාන්‍ය පෙළ ලියලා දැන් නවත්තලා ලු ඉන්නේ. ඉස්සරහට business marketing පැත්තෙන් අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා කිව්වා.. වයස අවුරුදු 18ක් දැන් ඇයට. පොඩි කාලේ ඉඳලම සංගීතයට එයා ගොඩක් ආදරය කළා අසා කලා කියලා තමයි කියලා තිබුනෙ. ඉස්සරහට සංගීතය පැත්තෙන් කොහොමහරි නමක් හිටින දෙයක් කරන්න තමයි බලාපොරොත්තුවෙන්නෙ.

ඇය මේ වෙද්දි අශාන්ති ද අල්විස් යටතෙ සංගීතය වැඩිදුර හදාරනවා. බලාපොරොත්තු වෙලා තියෙන්නේ සංගීත උපාධ් යක් ගන්න.. ශ්‍රී ලංකාවේ ඒවට පහසුකම් නැති නිසා එයා මාකටින් පැත්තකට යොමුවෙලා තියෙන්නේ. සංගීතය පැත්තෙන් නම ජාත්‍යන්තර තලයට ගෙනියන මට්ටමේ වැඩක් කරන්න ආවා තමයි අදිටන් කරගෙන සිටින්නේ. මුලින්ම ඇය ගොසිප් නිසා ගොඩක් කලබල වෙලා බය වෙලා හැබැයි මොන කටකතා හැදුණත්.. ගෙදර අය එක පයින්ම ඉදියාලු.. ගෙදර මිනිස්සු කියලා දුන්නලු ජනප්‍රිය වන හැමෝටම මේ වගේ දේවල් වෙනවා කියලා. ඒත් එක්කම හිතට ලොකු ශක්තියක් ආවලු.. දැන් ගොසිප් වලට එයා බය නැ. ගොසිප් කියන්නෙ ජීවිතේට ඉස්සරහට යන ශක්තියක් කියලා.. තමයි ඇය කියලා තියෙන්නෙ..
