ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අවස්ථාවල ගත් තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරනු ලබනවා.
එම තත්ත්වය යටතේ ඉදිරියේදී උද්ධමනය අඩු වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම කියා සිටිනවා.
මේ වන විට විදේශ විනිමය හිඟය යම් තරමකට අඩුවී බැංකු පද්ධතියේ විදේශ විනිමය ප්‍රමණයක් තිබෙන බව ද කී මහ බැංකු අධිපතිවරයා රටේ ආනයන වියදම අඩු වී අපනයන ආදායම වර්ධනය වී ඇතැයි ද කියා සිටිනවා.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කොළඹ දී ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම කරුණු පැවසුවා.
මෙම තත්ත්වය සමග දැනට පවතින පොලී අනුපාතික එම මට්ටමේම පවත්වාගෙන යෑමට පෙරේදා (17) රැස්වූ මහ බැංකු මුදල් මණ්ඩලය තීරණය කර ඇත.
නිත්‍ය තැන්පතු සඳහා සියයට 14.5 ක් සහ නිත්‍ය ණය සඳහා සියයට 15.5 ලෙස පොලී අනුපාතික පවතියි.
දැනට දේශීය, ගෝලීය වශයෙන් පවතින සහ අපේක්‍ෂිත සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳ හොඳින් සලකා බැලීමෙන් අනතුරුව මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
සමන් ගමගේ , ශ්‍යාම් නුවන් ගනේවත්ත
Source – Divaina