අද (21) දිනයේදී තවත් ඩීසල් සහ පෙට්‍රල් තොගයක් ගොඩබෑම ආරම්භ කිරීමට නියමිත බව බලශක්ති අමාත් කාංචන විජේසේකර පවසනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව සඳහන් කර සිටිනවා.
මේ අතර පසුගිය දින 02 තුළ දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් වලට ඩීසල් බෙදාහැර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.
ඩීසල් බෙදාහැරීම තවදුරටත් අඛණ්ඩව සිදුවෙන බව ද එහිදී ඔහු දැනුම්දී තිබෙනවා.
ඊයේ (20) පෙරවරුවේ බෙදාහැරීම ආරම්භ කරන ලද පෙට්‍රල් 92 සහ 95 සියලුම ඉන්ධන පිරවුම්හල් ආවරණය වන පරිදි අඛණ්ඩව සපයන බව ද දැනුම්දී තිබෙනවා.