ලිංගික ආශාව අඩු පිරිමින් සහ ගැහැණුන්ට kisspeptin නැමති හෝමෝනය එන්නත් කිරීම මගින් ඔවුන්ගේ ලිංගික ආශාවන් සහ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවිය හැකි බව බ්‍රිතාන්‍යයේ සිදුකරන ලද සායනික පර්යේෂණයක දී හෙලිදරව් වී තිබෙනවා.
පරීක්ෂණය සඳහා සහභාගී වූ පුද්ගලයන් සරාගී වීඩියෝපට නරඹන අතරතුර ඔවුන්ගේ මොළයේ සිදුකරන ලද ස්කෑන් පරීක්ෂණයන් මගින් පෙන්නුම් කලේ ලිංගික ආශාවන්ට සම්බන්ධ ප්‍රධාන අංශ උත්තේජනය කිරීමට එම හෝමෝනයට හැකියාව ඇති බවයි.
එක්සත් රාජධානියේ පර්යේෂකයින් පවසන්නේ kisspeptin එන්නත් කිරීම මගින් පුද්ගලයන්ට 10% තත්වය වර්ධනය කල හැකි බවයි.

kisspeptin යනු ශරීරය තුළ ඇති අනෙකුත් ප්‍රජනක හෝර්මෝන මුදා හැරීම උත්තේජනය කරන ස්වභාවිකව ඇති වන හෝමෝනයකි. පුද්ගලයෙකු වැඩිවිය පැමිණීමේදී එය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. මීට පෙර කරන ලද පර්යේෂණයකින් සෙයාගෙන තිබුනේ එය කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ බිත්තර නිපදවීමට උත්තේජනය කරන අතර නිරෝගී පිරිමින්ගේ මනෝභාවය වැඩි දියුණු කරන බවයි.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවා වෙබ් අඩවියට අනුව “ලිංගික ආශාවන් අඩු වීම” බහුලව දක්නට ලැබෙන තත්වයක් බවයි. ඒ සම්බන්ධතා ගැටළු, ආතතිය, ශිෂේණය ඍජු නොවීම හෝ යෝනි මාර්ගයේ වියළි බව, ආර්තවහරණයේදී හෝමෝන මට්ටම අඩුවීම සහ දරුවෙකු ලැබීමෙන් පසු තෙහෙට්ටුව ඇතුළු විවිධ සාධක නිසා හේතුවිය හැකි බව වෙබ් අඩවිය ප්‍රකාශ කරනවා.

ඇතැම් රෝග සඳහා ගන්නා ඖෂධ, උදාහරණයක් ලෙස විෂාදනාශක, හෝ ඇතැම් උපත් පාලන ක්‍රම භාවිතා කිරීම මෙන්ම අධික ලෙස මත්පැන් පානය කිරීම වැනි පුරුදු වලටද ඒ සඳහා බලපෑමක් ඇති කළ හැකය එමෙන්ම හෘද රෝග, දියවැඩියාව, දුර්වල තයිරොයිඩ් හෝ පිළිකා වැනි සමහර දිගු කාලීන තත්වයන් ද ආශාවට ද බලපෑම් කළ හැකියැයි වෙබ් අඩවිය ප්‍රකාශ කරයි.
Source – Thilan Jayasekara