උණුසුම් පුවත්
Search
piumi

”හොඳ යාලුවො කවදාවත් වැටෙන්න දෙන්නෙ නෑ, අල්ලගෙනම ඉන්නවා…” – පියුමි වෙනුවෙන් පෙරට ආ චන්දිමාල්

190

පියුමි හංසමාලි කියන්නෙ මේ වෙද්දි මුහුණු පොතේ ජනප්‍රියතම චරිතයක් කිව්වොත් වරදක් නෑ. කාලයෙන් කාලයට පුවත් මවන පියුමිගේ පෙම් කතාව “අවසන් වුණා” කියන පුවත දැන් කාටවත් රහසක් නෙවෙයි. හැබැයි මේක ඇත්තක්ද ? බොරුවක්ද ? රඟපෑමක්ද ? කියලා ප්‍රශ්නත් තියෙනවා.

කොහොම නමුත් ඉතින් මේ කතාව මුලින්ම කරළියට එන්නේ පියුමිගේ අලුත් පෙම්වතා තනුෂ්ක දැමූ ඉන්ස්ටග්රෑම් “ස්ටෝරි” එකක් නිසයි.

image 3

”පියුමි, පැරණි පෙම්වතා වන වෙනුර සමඟ නැවත වතාවක් ගියා” කියලයි ඒවායේ සඳහන් වුණේ.

ඒත් සමඟම පියුමිට චෝදනා එක්කරමින් හතර වටෙන් ෆේස්බුක් පෝස්ට් පලවෙන්නත් ගත්තා. ඒ පියුමි අලුත් පෙම්වතාගෙන් වාහන,රන් භාණ්ඩ ඇතුළු සියල්ල ලබාගෙන ඔහු දමා පැරණි පෙම්වතා සමඟ පැනලා ගිහින් කියලා…..

image 4

හැබැයි පියුමි හදිසියේම ෆේස්බුක් එකට ඇවිත් මේ හැම කතාවක්ම බොරු බව කිව්වා…. ඒ වගේම ඇය කියලා තිබුණා, ඇගේ වාහනය පවා ගත්තෙ ඇගේ මුදලින් බව. ඒ වගේමයි ඇය නම් කියන්නේ තමන්ගේ පෙම්වතා වුණ තනුෂ්ක, ගෙදර යන බව තමන්ට කියා වෙනත් කාන්තාවක් සමඟ පානදුරයේ හෝටලයකට ගොස් ඇති බවත්, තමන් එය ට්‍රැක් කරමින් සොයාගත් බවයි.

image 6

කොහොම හරි කතන්දරේ ඔය විදිහට වෙනකොට, පියුමිගේ හොඳම යාලුවා චන්දිමාලුත් කරළියට ආවා…..

image 1

ඔහු සිය ෆේස්බුක් එකේ දාලා තිබුණේ ,”ඒ දෙන්නා සතියකින් විතර යාලු⁣ වෙයි, ඔය ළමයි දැන් ගිහින් නිදාගන්න…” කියලයි.

image

ඒ වගේම චන්දිගේ ඉන්ස්ටග්රෑම් ස්ටෝරි එකකත් පියුමිත් එක්ක ඉන්න ෆොටෝ එකක් තිබුණා.

image 2

ඉතින් කතන්දරේ ඔය විදියට පැතිරිලා යද්දී ඇත්තටම වුණේ මොකද්ද කියලා නම් දන්නේ පියුමියු, ඇගේ පෙම්වතාමයි තමයි.

image 5