උණුසුම් පුවත්
Search
Untitled design 32

” නයිට් ක්ලබ් යනවා මට හොඳට enjoy කරන්න ඕන නිසා ” – සප්නා කරීම්

106

සප්නා කරීම් කියන්නේ ශ්‍රී ලාංකීය සිනමාව තුළ ආන්දෝලනාත්මක චරිත ඔස්සේ රසිකයාගේ හදවතට සමීප වූ සුන්දර කාන්තාවක්.ඒ වගේම තමයි එවැනි වැඩිහිටියන්ට පමණයි ආරයේ චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වුවත් ඇය මුස්ලිම් ජාතික කාන්තාවක්.ඇය රංගනයට සම්බන්ධ වන්නේ 2005 වසරේ සිටයි.එදා සිට අද දක්වා ම රංගන ක්ෂේත්‍රය තුළ ඇගේ හැකියාව නිරූපණය කර දැක්වූ ඇය මේ වන විට ව්‍යාපාර කටයුතු සඳහා සම්බන්ධ වී සිටිනවා. ඇය ඇගේ වෛරය , උකුසු ඇස් , මට තාම මතකයි ආදී වැහිටියන්ට පමණයි ගණයට අයත් වූ චිත්‍රපට ගණනාවක සිය රංගන දායකත්වය දැක්වූවා.ඉතින් අද අපි ඇය පිළිබඳව කතා කරන්න සිතුවා. ඇය එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිලිබඳව විස්තර දැක්වූයේ මේ අයුරින්.

n633585111 5003615 2183

ඇත්තටම මම රංගන ක්ෂේත්‍රයට එකතු වෙලා දැන් ලොකු කාලයක් වෙනවා.2005 දි තමයි මම රංගන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වුණේ.චිත්‍රපට ඔස්සේ තමයි මම වැඩියෙන්ම රසිකයාගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගත්තේ.මගේ ඊට පස්සේ මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක රංගන ක්ෂේත්‍රයේ නිර්මාණ වලට දායක වෙන්නට බැරි වුණා.අනිත් එක මට සුදුසු නිර්මාණයක් ලැබුණේ නැහැ. මම නිරූපණ ක්ෂේත්‍රයේ සිටිද්දීම තමයි රංගන ක්ෂේත්‍රයට එක්වුණේ.තාමත් පාරේ යනකොට මිනිස්සු මාව අඳුර ගන්නවා සප්නා කරීම් කියලා.ඉතින් හරි සතුටුයි ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී.

n633585111 5003608 7205

මං රංගන ක්ෂේත්‍රයෙන් සදහටම ඈත් වෙලා නෑ.හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන්ම රඟපානවා. නිරූපණ ක්ෂේත්‍රය ගත්තත් රංගන ක්ෂේත්‍රය ගත්තත් සෑහෙන්න අලුත් තරුණ තරුණියෝ ඇවිත් ඉන්නේ. අපි අලුත් අයටත් තැන දෙන්න ඕනේ. ඒ වුණාට ඉස්සර වගේ නෙවෙයි. රඟපාන්න බැරි වුණත් මොඩ්ලින් කළත් ඒ අය ජනප්‍රිය වෙලා ඉවරයි. අලුත් පරපුර අතර දක්ෂ අය ඉන්නවා. මම නෑ කියන්නේ නෑ. ඒත් වැඩිපුර ඉන්නේ බැරි අය ඉහළට ගිහින් ජනප්‍රිය වීමයි. ඉතින් ඒ ගැන පොඩි කලකිරීමක් තියෙනවා.

Sapna Careem

මම ඇත්තටම ෆැෂන් කරන්න ගොඩක් කැමති කෙනෙක්.ගැලපෙනව කියලා හිතන ඇඳුමක් තිබුනොතින් මං අනිවාර්යයෙන්ම අඳිනවා.කොට ඇදුමක් උනත් බිකිනියක් වුණත් මම ගැලපෙනවා නම් අඳිනවා.සමහර අය හිතන් ඉන්නේ කොටට ඇන්දහම අපි මුදලට විකිණෙනවා කියලා.ඇත්තටම එහෙම දෙයක් නෑ.ඇත්තටම මම නයිට් ක්ලබ් යනවා.මොකද මම මගේ ජීවිතේ ගොඩක් enjoy කරන්න කැමැති කෙනෙක්.අනිත් දේ නයිට් ක්ලබ් ගියා කියලා අපි නරක මිනිස්සු වෙන්නේ නෑ.අපි ජීවිතය විඳින්න ඕනි කාලේ විදවන්නේ නැතුව විඳින්න ඕනේ.මං හිතන්නේ එහෙමයි.

25

කවුරු මං ගැන මොනවා හිතුවත් මට අදාළ නෑ.සමහර වෙලාවල් වලදී මම මගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ඡායාරූප පළ කරන විට බොහෝ විවාහක පිරිමින් මට විවිධ යෝජනා ගේනවා.ඇත්තටම ඒ වගේ මිනිස්සු දැක්කහම මට පුදුම කලකිරීමක් දැනෙන්නෙ.තමන්ගේ බිරිඳ ගෙදර ඉද්දි පිට ගැහැනුන්ට ඒ විදියට සලකන්නේ ඇයි කියලා මට පිළිකුලක් දැනෙනවා.

යනුවෙන් තමයි ඇය පවසා සිටියේ.ඉතින් ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

dada