උණුසුම් පුවත්
Search
kumari

”එයාව බලන්න හැමදාම යනවා” – තවමත් රෝහල්ගතව සිටින ජැක්සන් ගැන බිරිඳ කුමාරි කියූ කතාව

3850

මේ දිනවල හැමෝගෙම අවදානය යොමු වුණු කලාතරු අතර හැමෝම අවදානය යොමු කරන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනී විශේෂයි.

No photo description available.

ඔහු සුවවේදෝයි රටක් දෑස් දල්වා මාස ගණනක් බලා සිටින අතරවාරයේ කොළඹ ජාතික රෝහලේ විවිධ ආරංචි මාර්ග වලින් ඔහුගේ තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍යවල විවිධ කටකතා සැරිසරන්න වුණා. පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වූ ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිද කුමාරි මුණසිංහ මේ සම්බන්ධව කියා සිටියේ මෙවැන්නක්.

No photo description available.

“ජැක්සන් සුව වෙමින් ඉන්නවා. අපි එයාව බලන්න හැමදාම යනවා. …..සමහර දවස්වලට හරි හිත සතුටෙන් ගෙදර එනවා. මොකද අමුතු අමුතු පුංචි පුංචි වෙනස්කම් එයාගෙන් දකින්න ලැබෙනවා. හැමදාම එයා එක වගේ නැහැ. සමහර දවස්වලට මුළු දවසම වගේ නිදාගන්න දවස් තියෙනවා. මම හිතන්නේ එයාට නින්ද අවශ්‍ය නිසා වෙන්න ඇති නිදාගන්නේ. එයා ටික ටික සුව වෙනවා….”

No photo description available.