පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්. ඉතින් ඇය කාලයෙන් කාලයට අපේ රටේ පුවත් මවන්නියක් කිව්වොත් වරදක් නෑ. ඒත් එක්කම ඇය ගොඩක් වෙලාවට සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්… ඒ වගේම ඇය දැන් ව්‍යාපාරිකාවක් කිව්වොත් හරි.
පියුමි විවාහ වෙලා ඉන්නේ ප්‍රගීත් තනුෂ්ක එක්ක. පසුගිය ජනවාරි 01 වනදා ඔවුන්ට විශේෂ දවසක්.. ඒ ඔවුන් අලුත් නිවහනකට ගෙවැදුණු නිසා.
කාලයෙන් කාලයට තැන තැන හිටපු ඇය කොළඹ අපාර්ට්මන්ට් එකක අයිතිකාරියක් වෙලා ඒ නිවස තමන්ගේ කරගන්නවා.
මෙම අවස්ථාවට අපේ රටේ ප්‍රකට රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ ද එක්ව තිබුණා. ඒ ඔහු, පියුමිගේ අතිජාත මිත්‍රයෙක් වන නිසයි.