උණුසුම් පුවත්
Search
mahinda and namal

ජී.එල්ගේ සභාපති පුටුව මහින්දට – නාමල්ටත් අලුත් තනතුරක්

111

නොවැම්බර් 02 වැනි දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනයේදී නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට මේ දින වල සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

එහිදී පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් එම තනතුරින් ඉවත් කර එම තනතුරට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමට යෝජනා වී ඇති බව සඳහන්.

පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පත් කිරීමට යෝජනා වී ඇති අතර එහෙත් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙන බැවින් ඉදිරියේදී මෙම තනතුරු වෙනස් විය හැකි බව ද පක්ෂ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා හා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිදු තනතුරක් භාර නොගැනීමට මේ වන විට තීරණය කර ඇති බව ද සඳහන්.

කඩිනමින් ආසන මට්ටමින් ජනතාව හමුවීමටත්, සාමාජික පක්ෂ සමග සාකච්ඡා ආරම්භ කිරීමටත් පක්ෂය තීන්දුකර ඇති අතර ඊට හේතු වී ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයෙන් පසු පළාත් පාලන ආයතන වල බලය මැතිවරණ කොමිෂන් සභාව සතු වීමයි.

එම නිසා පළාත් පාලන මැතිවරණයට සූදානම් වීම ද පක්ෂයේ අපේක්ෂාව වී තිබේ.

උදයජීව ඒකනායක

Source – Aruna




Leave a Reply

Your email address will not be published.