උණුසුම් පුවත්
Search
abhi

”මාව 24න් කසාද බන්දලා දුන්න එක තමයි තාත්තා ගත්ත හොදම තීරණය” – අභිෂේකා විමලවීර

254

ළමා නිවේදිකාවක් විදියට කලාවට ආපු ඇය තමයි අභිෂේකා විමලවීර කියන්නේ. ඉතින් මේ වෙනකොටත් ගායිකාවක් විදියට මේ වන විට ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය, ආදරය නොඅඩුව ලබාගෙන තිබෙනවා. මෑත කාලයේ අභිෂේකා ගැයූ ගීත ගණනාවක්ම ඉතා ජනප්‍රිය ගීත බවට පත් වෙලා තියෙනවා.

image 143

ඒ වගේම අභිෂේකා විනිසුරුවරියක් විදියට ”වොයිස්” වේදිකාව නියෝජනය කලා. ඒ සමබන්ධයෙන් ඇය ගැන ගොඩක් දෙනා කතා කරන්නට වුණා. අභිෂේකා විමලවීර මේ ගායන ශිල්පිනිය කියන්නේ සුනිල් විමලවීරයන්ගේ දියණිය කියලා බොහෝ දෙනා දන්නවා.

image 140

ඉතින් මේ වන විට විවාහ වෙලා දරුවෙකුත් ඉන්න ඇය ගත කරන්නේ සුන්දර පවුල් ජීවිතයක්. වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් සමඟ විවාහ වී සිටින ඇය ඇගේ ආදරණීය සැමියා විවාහ කරදීම ගැන ඇය ඇගේ පියා ගැන කිව්වේ මේ වගේ අදහසක්……

image 137

”මට අවුරුදු 24 දි තමයි මම විවාහ වුණේ. ඒ වෙනකොට කැම්පස් එකේවත් ඉස්කෝලෙවත් කවුරුත්ම මගෙ යාලුවො විවාහ වෙලා හිටියෙ නෑ….. මට මොකද්ද වගේ. අනිත් අය විනෝද වෙනවා, ට්‍රිප් යනවා. මට ළමයෙකුත් ඉන්නවා කියලා මුල් කාලේ ප්‍රශ්නයක් වුණා…..

image 138

නමුත් මම දැන් හිතනවා මගේ ජීවිතේ ගැන තාත්තා ගත්ත හොදම තීරණය තමයි මාව අවුරුදු 24 දි විවාහ කරලා දුන්න එක. දැන් මට බබෙක් ඉන්නවා, එයත් ලොකුයි…. මම හිතන්නේ මගේ තාත්තා හොදම තීරණයක් ගත්තේ කියලා. හැමෝම තමන්ගේ තීරණ ගන්නේ හොදම දේ. මම හිතන්නේ තාත්තා යන්න කලින් මට හොදම කෙනාව හොයලා දීලා ගියේ කියලා…..”

image 141
image 142
image 139