බස් රථ ධාවනයට නිසි පරිදි ඩීසල් නොමැතිවීම හේතුවෙන් ලබන සදුදා (06) සිටි සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කොළඹ දී පැවසුවා.
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම නිසා මෙම තීරණය ගනනා බවයි ඔහු සඳහන් කළේ.
බස් රථ සඳහා ඩීසල් ලබා ගැනීමට දින ගණන් පෝලිම් වල රැදී සිටීමට සිදුවන බවත් ඔහු පැවසුවා.
ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දෙන බව ප්‍රකාශ කළත් ඒ සඳහා ද විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් ඔහු කීවේය.
මගී බස් රථ සඳහා මේ සතිය තුළ ඩීසල් ලබාදීමට ප්රමුඛත්වයක් ලබා නොදුනහොත් සදුදා සිට බස් රථ ධාවනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වන බවත් ඔහු තවදුරටත් කියා සිටියා.
නිමල කොඩිතුවක්කු