ගයාත්‍රි ඩයස් කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් ලෙසත් ප්‍රකට චරිතයක්. නමුත් ඇය වෘත්තිමය වශයෙන් බොහෝ කාලයක් නිරතව සිටියේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ….. ඇය මේ දවස් වල ලංකාවේ ඉන්න කැමති නැති බවක් නම් පේන්න තියෙනවා. ඒ වගේම ගයත්‍රී මේ වෙනකොට ලෝකේ වටේම ඇවිදින්න යනවා..
ඒත් එයා නම් කියන්නේ ඇවිදින්න තියෙන ආසාව නිසාම මේ වගේ රට රටවල් වල සංචාරය කරනවා කියලයි. කොහොම වුණත් මේ සුරූපිනිය මේ වෙනකොට හරිම සරල විවේකී ජීවිතයක් ගෙවන බව තමයි ඇත්තටම කියන්න තියෙන්නේ….
අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් වූ චන්න පෙරේරා සමඟ විවාහ වී සිටින ගයාත්‍රි මේ වන විට නම් චන්නගෙන් ඈත් වෙලා තමයි ජීවත් වෙන්නේ.
දියණියන් දෙදෙනෙකුගේ මවක් වූ ගයාත්‍රි තවමත් එදා වගේම සුන්දරත්වයෙන් පසුවන නිසා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබෙනවා.