උණුසුම් පුවත්
Search
MURALI

මුරලිදරන් වෙනුවෙන් ගාල්ල හැඩවෙයි

561

ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව පාදක කර ගනිමින් නිර්මාණය කෙරෙන දමිළ සිනමාපටයට අදාල රූගත කිරීම් මේ දින වල ගාල්ලේ දී පැවැත්වෙනවා.

මුරලිදරන් ටෙස්ට් කඩුළු 800 ලබා ගත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊට අදාළ දර්ශන මේ දිනවල රූගත කරමින් පවතිනවා.

MS Sripathy විසින් අධ්‍යක්ෂණය කරන 800 සිනමාපටය Movie Train Motion Pictures නිෂ්පාදනයකි.

මෙහිදී මුරලිදරන්ගේ චරිතයට පණ පෙවිම සදහා දකුණු ඉන්දියානු දමිළ සිනමාවේ ප්‍රකට නළු විජේ සේතුපති තෝරාගෙන තිබු අතර පසුව විජේ සෙතුපතිට ඉන් ඉවත් වන ලෙසට එල්ල වූ බලපෑම මත ඔහු ඉන් ඉවත් වනවා.

පසුව නවක නළුවෙකු යොදාගනිමින් මෙම චිත්‍රපටය රූගත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

2011 වසරේදී මුරලිදරන් විසින් සිය ජීවිත කතාව පොතක් ලෙස මුද්‍රණය කර තිබූ අතර එයට නම් තබා තිබුනේ ද “800” ලෙසයි.

ඒ ඔහු සපුරා ගන්නා ලද ටෙස්ට් කඩුළු ගණන සංකේතවත් කරමිනුයි.




Leave a Reply

Your email address will not be published.