ගැබිනි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථා වල නිවෙසේදීම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසනවා.
පවතින බරපතල ඉන්ධන අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බව ඇය සඳහන් කළා.
රටේ පවතින වතාවරණය යටතේ මේ වන විටත් ග්‍රාමීය ප්‍රදේශ වල යම් යම් ප්‍රවාහන දුෂ්කරතා පවතින බැවින් ඉදිරියේ තවත් බැරෑරුම් විය හැකි යැයි සලකා නිවසේ, ක්ෂේත්රයේ හෝ ඕනෑම අවස්ථාවකදී දරු ප්‍රසූතියකට මුහුණ දෙන මවකට පහසුකම් සැපයීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සූදානම් කරන බවයි ඇය සඳහන් කළේ.
රෝහල් වලදී මෙන්ම, ඕනෑ ම ස්ථානයකදී දරු ප්‍රසූතියක් සඳහා අවසරය හා බලය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තම සාමාජිකත්වය වෙත පවරා ඇති බැවින් මෙම තීරණය ගත් බව කොඩිතුවක්කු තවදුරටත් සඳහන් කළා.