උණුසුම් පුවත්
Search
mahindananda

”ජූලි 10 වනදා ඉඳලා ඉන්ධන අඛණ්ඩව දෙනවා” – මහින්දානන්ද අලුත්ගමගේ

126

ජුලි මස 10 වනදා සිට ඉන්ධන අඛණ්ඩව ලබාදීමේ වැඩසටහනක් සකස් කර ඇති බව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

ඊයේ (28) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

ඉදිර වසර සඳහා ඖෂධ ගෙන්විමට මේ වන විට මුදල් වෙන්කර ඇති බවත් ජුලි මස 05 වනදා සිට ඉදිරි මාස 03ක කාලයක් සඳහා අවශ්‍ය ගෑස් ලබාදීමට මේ වන විටත් වැඩපිළිවෙළක් සකස් කර අවසන් බවත් ඔහු පැවසුවා.

“මේ වන විටත් ජනපතිතුමා රුසියානු ජනපතිවරයා සමග දුරකතයෙන් කථා කර යම් එකඟතාවයකට එළැඹීම සඳහා තානාපති මාර්ගයෙන් මේ වන විට අවශ්‍ය සාකච්ඡා පවත්වලා රුසියානු ජනපතිවරයාට ලිපියක් යවලා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට රුසියාවත් සමග සාකච්ඡා වෙමින් යනවා. ඒ වගේම ඉන්ධන ලබාගැනිම සඳහා ඉදිරි කාලයේදි එක්සත් අරාබි එමිර් රාජ්‍යයට යාමටත් ජනපතිවරයා බලාපොරොත්තු වෙනවා. ජනතාව මුහුණ දුන් බරපතල ප්‍රශ්න කිහිපයකට මේ වන විට රජය සාධනීය විසඳුම් ලබා දී තිබෙනවා.” යනුවෙන් ඔහු කියා සිටිනවා.




Leave a Reply

Your email address will not be published.