ඉන්ධන අලෙවි කිරීමේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දෛනිකව රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් ලබන බැවින් යළිත් ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව අද (24) සිට,
රුපියල් 337.00ක් වූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 420.00කටත්
රුපියල් 373.00ක් වූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 450.00ක් දක්වාත්
රුපියල් 289.00ට මිල කර තිබූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 400ක් දක්වාත්
රුපියල් 329.00ට මිල කර තිබූ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 445.00ක් දක්වාත්
ඉහළ යනු ඇති.

මේ සම්බන්ධව ඊයේ (23) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.
අනතුරුව අද අලුයම් කාලයේ මෙම ඉහළ දැමීම වාර්තා කර ඇත.