උණුසුම් පුවත්
Search
oil bouser

ඉන්ධන ඇණවුම් කිරීම අත්හිටුවයි

520

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දෙන කොමිස් මුදල 3%ක කොටස 1%ක් දක්වා අඩු කිරීම හේතුවෙන් ඉන්ධන බෙදුම්කරුවන් ඒකාබද්ධව ඇනවුම් කිරීම් අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම හේතුවෙන් මෙසේ කොමිස් මුදල අඩු කර ඇති අතර පාඩුව අවම කරගැනීමට බෙදුම්කරුවන්ගේ කොමිස් මුදල අඩු කිරීම අසාධාරණ බව නියෝජිතයන් පවසනවා.

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන තොග ඇනවුම් නොකිරීම හේතුවෙන් ජනතාවට ඉන්ධන නොමැති තත්වයක් ඇතිවිය හැකි බවත් මෙම තත්වයෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වනු ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *