උණුසුම් පුවත්
Search
petrol 1 3

ඉන්ධන ඇණවුම් කිරීම නැවතීමේ සූදානමක්

77

අලෙවියට සාපේක්‍ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදී ගැනීමට තැන්පත් කරන මුදලින් අයකර ගත හොත් ඉන්ධන ඇනවුම් කිරීම නතර කරන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න පවසනවා.

සංස්ථාව බෙදුම්කරුවන්ට ගෙවන වට්ටම් මුදල සිමාකිරීමට ගන්නා උත්සාහය බෙදුම්කරුවන් සිව්දෙනෙකු බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය වෙතින් ලබාගෙන ඇති වාරණ නියෝගයකින් අත්හිටුවා ඇති බව කී ඔහු එසේ තිබිය දී දැනටමත් ගෙවා ඇති වට්ටම මුදලින් අයකර ගැනීමට සංස්ථාව කටයුතු කරන බව දැනුම්දී ඇති බව ද සඳහන් කර සිටියා.

මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධිකරණ නියෝගයට පටහැනි බැවින් අධිකරණයට අපහාස කිරීම යටතේ නැවත නඩුවක් පවරණ බව ද ඔහු වැඩි දුරටත් කීය.

Source – Aruna