උණුසුම් පුවත්
Search
petrol bouser

ඉන්ධන බවුසරයක් අනතුරට ලක්වෙයි – අනතුරින් පෙට්‍රල් ලීටර් 13,200ක් පමණ අපතේ යයි

150

කුරුණෑගල නගරයේදී ඉන්ධන බවුසරයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

කුරුණෑගල පොලීසිය පැවසුවේ ඉන්ධන රැගෙන කොළඹ සිට කින්නියා බලා ගමන්කරමින් තිබූ බවුසරයක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි.

එම අවස්ථාවේ බවුසරය තුළ පෙට්‍රල් ලීටර් 13,200ක ප්‍රමාණයක් තිබී ඇති අතර අනතුරින් ඉන්ධන විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇත.

ඉන්ධන පිටතට පැමිණීමෙන් සිදුවිය හැකි අනතුර වළක්වාගනු පිණිස කුරුණෑගල ගිනි නිවීම් ඒකකය විසින් බවුසරය වෙත ජලය ඉසිමින් නැවත මාර්ගයට ගනු ලැබීය.

වැසි සහිත තත්ත්වයත් සමඟ බවුසරය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.




Leave a Reply

Your email address will not be published.