රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් ලබන සඳුදා (15) සිට සතියේ දින පහම සාමාන්‍ය වේලාවන් තුල දී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එසේම ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශ වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා සියළුම පළාත් බලධාරින් වෙත උපදෙස් ලබා දී ඇති බව ද සඳහන්.
ප්‍රවාහන අපහසුතා තවදුරටත් බලපාන ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් විසින් සහන ලබා දිය යුතු අතර, එම සහන ලබා දිය යුතු ක්‍රමවේද පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේ.
ඊට අදාළ නිවේදනය පහතින්.
