උණුසුම් පුවත්
Search
france

ප්‍රංශය වායුසමනය කළ වෙළඳසැල් වලට නියෝග පණවයි

95

බලශක්ති ගැටලුවකට මුහුණ දී ඇති ප්‍රංශය බලශක්ති නාස්තිය අවම කිරීම සඳහා සීමාවන් පැනවීම ආරම්භ කර තිබේ.

වායුසමීකරණය කර ඇති සාප්පු වැනි වෙළෙඳ ආයතන වල දොරවල් විවෘතව තැබීම තහනම් කිරීමට බලධාරීහු බලාපොරොත්තු වෙති.

එපමණක් නොව නාම පුවරු, දැන්වීම් පුවරු ආදිය ආලෝකකරණය කිරීමට යොදාගන්නා විදුලි පහන්වලට අදාළව ද සීමා පැනවීමට සූදානම් වේ.

මෙම සීමාවන් දැනටමත් ඇතැම් ප්‍රදේශවල ක්‍රියාත්මකය.

ඉදිරියේදී එරට සියලු නගර වලට අදාළව මේවා ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මෙම සීමාවන් යටතේ අලුයම 1.00 සිට 6.00 දක්වා නාමපුවරු සහ දැන්වීම් පුවරු අලෝකවත් කිරීම තහනම් කිරීමට නියමිතය.

වායුසමීකරණ සීමාවන් උල්ලංඝනය කරන ආයතන වලට යුරෝ 750ක දඩයක් පනවනු ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙය ලංකා මුදලින් රුපියල් 275,000කට ආසන්න වේ.

“වායුසමීකරණය කර ඇති විටෙක දොරවල් විවෘත කර තැබීම කිසි තේරුමක් නැති වැඩක්” යනුවෙන් විෂය භාර ඇමැතිවරිය වන ඇග්නස් පැනියරේ රුනාචර් පවසා තිබුණාය.

ඉහත කී ආලෝකකරණය පිළිබඳ සීමාවන් ගුවන් තොටුපළවලට සහ දුම්රිය ස්ථාන වලට අදාළ නොවනු ඇති බවද ඇමැතිවරිය පවසයි.

ප්‍රංශය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් මේ වනවිට බලශක්ති ගැටලුවකට මුහුණ දී සිටියි.




Leave a Reply

Your email address will not be published.