උණුසුම් පුවත්
Search
maithri

හිටපු ජනපති මෛත්‍රීට කොවිඩ්

127

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

දින කිහිපයක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඔහු සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.

ඒ අනුව ඔහු මේ වන විට සිය නිවසේ රැඳී සිටින බව ද වාර්තා වනවා.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිවරයා පසුගිය දින කිහිපය තුළ කිසිඳු වැඩසටහනකට සහභාගී වී නොමැති බව ද සඳහන් වනවා.

දින ගණනාවක් පැවති අසනීප තත්ත්වය හේතුවෙන් ඔහු එලෙස වැඩසටහන් වලට සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.